හෙල වංශ කතාවේ වීර නරපතියෙකු වූ වළගම්බා රජුට ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානය ඉදි වූ ගැටබරු කන්ද පාමුල පිහිටි කොටපොල ජාතික පාසල දෙනියාය කලාපයේ ඇති ඉතාම පැරණි විද්‍යාස්ථානයකි..
නැගෙනහිරින් දෙනියාය-ගාල්ල ප්‍රධාන ප්‍රධාන මාර්ගයටත්, දකුණු පසින් නිල්වලා නදිය සරු කරන නාගකැට දොළටත් අනෙක් පසින් දර්ශනීය තේ වගාවකටත් මැදිව ඌරුබොක්ක තුන්මංසල ට මුහුණ ලා වැජඹෙන මෙම විදුහල ක්‍රි.ව. 1877 දී නොරිස් විජේවර්ධන විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වූ බව සඳහන් වේ.
එසේද වුවත් 1914.06.01 දින දක්වා තොරතුරු ලබා ගැනීමට අදාළ ලේඛන විදුහලේ නොමැති වීම අඩුපාඩුවකි. එදින සිට 1946 .06.01 දින දක්වා ප්‍රධාන ප්‍රධානාචාර්යතුමා වශයෙන් සේවය කළ පඬිකාර මුහන්දිරම් පී .එෆ් අභයවික්‍රම මැතිතුමාගේ කාලය තුළ සිදු වූ වැදගත් සිද්ධීන් රැසක් පිළිබඳව තොරතුරු ලේඛන වලින් සොයා ගත හැකිය.ඒ අනුව මුල දී මෙම පාසැල කොටපොල රජයේ පිරිමි පාඨශාලාව නමින් හඳුන්වා ඇත.
මුලින්ම දෙදෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් ආරම්භ වූ මෙම විදුහල ආරම්භයේදී වූ සිසුන් සංඛ්‍යාව 50ට අඩුව අඩු ය.1933 වන විට ආචාර්ය මණ්ඩලය සිව් දෙනෙකු දක්වා වැඩි වූ අතර ඉංග්‍රීසි විෂය ද ඉගැන්වූ බව සඳහන් වේ.

1953.03.25 දින ලොග් සටහන අනුව කොටපොල පිරිමි,කොටපොල ගැහැණු යන පාසැල් දෙක 1953.01.15 දින සිට ඒකාබද්ධ කරන ලද බවද ඉන් පසු එකම විදුහලක් වශයෙන් පැවැත්වූ බවද සඳහන් වේ. වාර්තාවේ සඳහන් අන්දමට එදිනට පිරිමි පාසලේ පාසැලේ ගුරු මණ්ඩලයේ සත් දෙනෙකි. ශිෂ්‍ය සංඛ්‍යාව 241 කි. පී. එෆ් අභයවික්‍රම විදුහල්පතිතුමා විශ්‍රාම ගැනීමෙන් පසු 1962.05.01 දින දක්වා ප්‍රධාන ප්‍රධාන ආචාර්යවරුන් හයදෙනකු යටතේ විදුහල පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් වැඩිම කාලයක් සේවය කර ඇත්තේ එම්. ඩී. ඩේවිඩ් මහතා සහ ඩී.ඒ.කේ. නානායක්කාර මහතා යන දෙදෙනා පමණකි.
1962.05.01දින සිට මහා විදුහලක් බවට උසස් කර ඇති මෙම පාසලේ වැඩබලන විදුහල්පතිවරුන් වශයෙන් එල්.ගුණපාල මහතාත්,පී. එස්. පෙරේරා මහතා සේවය කර ඇත. ඉන් පසුව තවත් විදුහල්පතිවරුන් දෙදෙනකු පත් වුවද ඔවුන් වැඩි කලක් විදුහලේ රැඳී නැත.
මේ අතර දැනට ආදි ශිෂ්‍යයන් බොහෝ දෙනකුගේ මතකයේ රැඳී ඇති විශේෂ නාමයක් වන එම්.පී. නානායක්කාර මැතිතුමා ගේ පැමිණීම විදුහලේ නව ප්‍රබෝධයක් ඇති වීමට බොහෝ සේ හේතු වී ඇත. එතුමා 1964.07.01 දින සිට 1971.01.04 දින දක්වා සේවය කරමින් විදුහලේ දියුණුවටත්,ශිෂ්‍යයන්ගේ දියුණුවටත් ඉමහත් වැඩ කොටසක් ඉටුකර ඇති බව කෘතවේදීව සඳහන් කළ යුතුය.පාසල් සංවිධාන කටයුතු යටතේ 1968.01.01දින සිට කණිෂ්ඨ අංශය වෙනමම ඒකකයක් වශයෙන් වෙන්කර වෙන් කර නැවත1979.05.10 දින සිට ඒකාබද්ධ කර ඇත.ඉන් පසුව වී.පී.උපසේන මැතිතුමාට මෙම විදුහලේ අධිපති ධුරය ලැබීමට අවස්ථාව ලැබිණ.එම අවධියේ ක්‍රීඩා අංශයේ සුවිශේෂ දියුණුවක් ලබා ඇති බව එම කාලය තුළ වසර ගණනාවක් නොකඩවා දෙනියාය අධ්‍යාපන මණ්ඩලයේ විද්‍යාලන්තර ජවන හා පිටිය මලල මලල ක්‍රීඩා ශූරතාවය ලබා ගැනීමෙන්ම සනාථ වේ.
1977.09.05 දින විදුහල්පති වශයෙන් පත්ව ආ එම්.ගාමිණී පියපාල මහතා 1984.03.26 දක්වා විදුහලේ සේවය කළේය. ඒ කාලය තුළ විදුහලට අවශ්‍ය අංශ කිහිපයකින්ම මාතර දිස්ත්‍රික් අමාත්‍ය දිවංගත ගරු කීර්ති අබේවික්‍රම මැතිතුමාගේ අනුග්‍රහයෙන් ලබාගැනීමට හැකිව ඇත. ඒ අනුව ගෘහ විද්‍යාගාරය, පුස්තකාලය හා බහු කාර්ය ඒකකයක්ද ක්‍රීඩාපිටියක් ද ලැබී ඇත. දිසා අමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැකුම්කළු බුදු මැදුරක්ද විදුහලට එක් විය.
ඉන්පසුව1987.10.28 දක්වා එස්.කේ. විල්බට් විදුහල්පතිතුමාගේ පැමිණීම තෙක් විදුහලෙහි පත්වූ විදුහල්පතිවරුන්ට අවුරුද්දකට වැඩි කලක් විදුහලේ රැඳී සිටීමට අවකාශ ලැබී නැත.විදුහලේ ස්ථාවර පරිපාලනය ස්ථාපිත නොවීමෙන් ගුරු සිසු නොසන්සුන්තාව මැදින් අර්බුදකාරී වාතාවරණයකට පාසල ඇදවැටුණි.එවකට දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කරමින් සිටි එස්.කේ. විල්බට් මහතා අධ්‍යාපන නිළධාරීන් විසින් 1987.10. 28 දින සිට වහාම පත්කර එවනු ලැබුවේ එයට පිළියමක් වශයෙනි.
අනතුරුව දෙනියාය අධ්‍යාපන කලාපයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් එනම් සිසුන් දෙදහසක් පමණ ඉගෙනුම ලබන ප්‍රදේශයේ ප්‍රධානතම විදුහලක් බවට අද පත්ව ඇත.අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් අතින් ද සුවිශේෂී ජයග්‍රහණයන් ලබා ඇත සිංහල භාෂා දින තරඟ, කථික තරග ආදියෙන් ජාතික පාසල් හා මැදි විදුහල් පරදවා මෙම විදුහලේ සිසු පෙරමුණට පැමිණ සිටිති.විනය පවත්වාගෙන යාම අතින් බැලුවද ප්‍රදේශයේ ප්‍රසංසනීය ස්ථානයක් හිමිකරගෙන ඇති විදුහලක් බවට පෙනෙන්නට තිබීම සතුට ගෙනදෙන කරුණකි.
විදුහල තුළ නව සංස්කෘතික පරිසරයක් ගොඩනඟා ඇති අතර පාසල් පිරියත මැනවින් සංවිධානය කර ඇත ස්වභාවික පරිසරයට ඇලුම් කරන මානව හිතවාදී ගුණය ඇති කර පාසල් පරිසරය වත්මන් විදුහල්පති තුමාගේ අප්‍රතිහිත ධෛර්යයේ ප්‍රතිඵලයකි.මේ සම්බන්ධව දින දින නොඅඩුව ලැබෙන දෙය සහය ඉතා ප්‍රශංසනීය වන්නකි.ස්වේච්ඡාවෙන් ඉටු කර ඇති වැඩ කොටස් අප දිරි ගන්වන සුලූය දිරි ගන්වන සුලුය ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ කැපවීම විද්‍යාලයේ නව ප්‍රගතියට ඉතා බලපාන පිටිවහලකි.
මේ ඈ බොහෝ කරුණු හේතු කොටගෙන අවුරුදු පතා මෙම විදුහලට ඇතුළු වීමට ඉල්ලුම් කරන සිසුන් සංඛ්‍යාව ඉතා විශාලය. මේ හේතුවෙන් ගොඩනැඟිලි හා උපකරණ ප්‍රමාණවත් නොවී ඇත මේ නිසා මෙම පාසැල ප්‍රදේශය අංග අංගසම්පූර්ණ විදුහලක් බවට පත් කරලීමට රජයේ විශේෂ අවධානය යොමු කිරීම හා අනුග්‍රහය ලබාදීම දෙනියාය අධ්‍යාපන කලාපයේ මෙන්ම ඒ ආසන්න කලාපවල ද දූ දරුවන්ට ලබාදෙන විශාල අනුග්‍රහයක් බව ප්‍රකාශ කළ හැකිය.
|
ආරම්භ කළ වර්ෂය |
1877 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
50 |
|
මුල් ගුරුතුමාගේ නම |
පඬිකාර මුහන්දිරම් පී.එෆ් අභයවික්‍රම මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ මුල් නම |
කොටපොල රජයේ පිරිමි පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
නොරිස් විජේවර්ධන මහතා |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දෙනියාය-ගාල්ල ප්‍රධාන ප්‍රධාන මාර්ගයටත්, නාගකැට දොළටත් අනෙක් පසින් දර්ශනීය තේ වගාවකටත් මැදිව ඌරුබොක්ක තුන්මංසල ට මුහුණලා පිහිටි භූමියක |