(+94) 412271309
[email protected]
Facebook Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

පිරිමි ළමුන්

සුදු කමිසය

 

  • සුදු පාට කමිසය අත්කොට එකක් විය යුතුය.
  • දිග හරින ලද වැලමිටි සිට අඟලක් ඉහළින් අත් කොට විය යුතුය.
  • කමිස අත් අග පළල අවම වශයෙන් අඟල් 12 1/2(12.5) විය යුතු අතර එය අතට හිර වන ආකාරයට මැසීම නොකළ යුතුය.
  • කමිසයේ පිටුපස රැළි යෙදීම තහනම් වේ.
  • කමිසයේ වම් පසින් පමණක් එක් සාක්කුවක් යෙදිය යුතුය.
  • පාසල් නිල ලාංඡනය කමිස සාක්කුවේ දකුණුපස ඉහළින් හොඳින් මසා තිබිය යුතුය.
  • කමිස කර පටියේ කෙලවර බොත්තම් වලින් සම්බන්ධ නොකළ යුතුය.
  • කමිසය තනි මැස්මෙන් පමණක් මැසීම කළ යුතුය.
  • කමිසය සරල විය යුතු අතර සිරුරට හිර නොවන සේ මසා තිබිය යුතු ය.
  • අත් දිග කමිසය ඇඳිය හැක්කේ ශිෂ්‍ය නායකයින්ට පමණි.

කලිසම

 

  •  06 -09 ශ්‍රේණි සඳහා නිල් කොට කලිසම ද  10-13 ශ්‍රේණි සඳහා සුදු දිග කලිසම ද ඇඳිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස සාක්කු දෙකක් සහ එක් පැත්තකට රැළි දෙක බැගින් දෙපැත්තට රැළි හතරක් තිබිය යුතුය.
  • කලිසමේ පිටු පසට එක් සාක්කුවක පමණක් තිබිය යුතු අතර එය පිටුපස දකුණු පැත්තෙන් තිබිය යුතුය.
  •  කලිසමෙහි ඉන පටිය පහලින් අඟල් 1.5ක් විය යුතු අතර එය බෙල්ට් ක්‍රමයට මැසීම නොකළ යුතුය.
  • ඉන පටිය සඳහා පිටතට නොපෙනෙන ආකාරයට හාක්කයක් ඇල්ලිය යුතුය.
  • කලිසම ඉනට තදවන ආකාරයෙන් තිබිය යුතුය.බුරුල් නොවිය යුතුය.
  • කලිසම තනි මැස්මෙන් මසා තිබිය යුතු ය.
  • කලිසමේ යට කෙලවර බිම නොගෑවෙන ලෙස ට තිබිය යුතු අතර සපත්තු මේස් පෙනෙන ලෙස කොටට මැසීම තහනම් වේ ( 10-13 ශ්‍රේණි )
  • කලිසමේ යට කෙලවර අනිවාර්යයෙන්ම අඟල්  16 ක පළලින් යුක්ත විය යුතුය.
  • කලිසම් වාටිය අඟල් 2ක පළලින් යුක්ත වන ලෙස ඇතුලට නවා මැසිය යුතුය.
  • කලිසම සරල විය යුතු අතර බෙල් හැඩය හෝ ඇඟට හිර නොවිය යුතුය.

සපත්තු

 

  •  කලු ලෙදර් (රෙක්සින්) මතුපිට ඔප දැමිය හැකි සපත්තු කළු පැහැති මේස් සමග පැළඳිය යුතුය .(කැන්වස් නොවිය යුතුය)
  • සපත්තු ඉදිරිපසින් ඉහලට නොඑසවිය යුතුය.
  • සපත්තුවේ ඉදිරි කෙළවර අවම අඟල් දෙකක් පළල් විය යුතුය.
  • 06 - 09 ශ්‍රේණිවල කොට කලිසම් ඇඳි ළමයි මේස් නවා තිබිය යුතුය.

කොණ්ඩය

 

  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
  • අනවශ්‍ය පරිදි කොට කිරීම් හෝ විවිධ මෝස්තර නොදැමිය යුතුය.

වෙනත් පොදු උපදෙස්

 

  • රැවුල කැපිය යුතු ළමුන් දිනපතා රැවුල සම්පූර්ණයෙන්ම කැපිය යුතුය.
  • නියපොතු වැවීම චේන් මුදු ආදිය පැළඳීම නොකළ යුතුය.
  • පිරිත් නූලක් හැර(සුදු) වෙන කිසිම වර්ණ නූලක් පැළඳීම නොකළ යුතුය.
  • මුදල් පසුම්බි  භාවිත නොකළ යුතුය
  • පිටෙහි රඳවන වෛවර්ණ නොවන බෑගයක් භාවිතා කළ හැකිය.
  • අත් ඔරලෝසුවක් පැළඳීම ශිෂ්‍ය නායකයින්ට පමණක් හිමිවන හිමි වන අතර කළු පටිය සහිත චාම් එකක් විය යුතුය.

 

ගැහැණු ළමුන්

 

සුදු ගවුම

 

  • රැලි පහකින් යුතු සුදු ගවුම කරේ පිය වන සේ පටිය සහිතව තිබිය යුතු අතර දණහිස තෙක් දිගු විය යුතුය.
  • ටයි පටිය නිසි ලෙස පැලැඳිය යුතුය.
  • ඉන පටිය අත නැමූ විට වැලමිටේ තිබිය යුතුය
  • පාසල් නිල ලාංඡනය වම් උරහිසට අඟල් හයක් පමණ පහලින් ගවුමට මසා තිබිය යුතු ය
  • ගවුම් අත උරහිසෙහි සිට දිග හරින ලද අතෙහි වැළමිට තෙක් ඇති දුරින් අඩක් විය යුතුය.

 

සපත්තු හා හිසකෙස්

 

  • ලේස් හෝ මගින් රඳවන සුදු සපත්තු විය යුතුය.සුදු මේස් නමා තිබිය යුතුය.
  • හිසකෙස් මනාව පීරා පිටුපසට වන්නට කොණ්ඩා දෙක අග දක්වාම ගොතා අගින් කළු රිබන් වලින් බැඳිය යුතුය. කොණ්ඩා කරල් ගෙතීමේ දී කොටස් තුනකට බෙදා ගෙතිය යුතුය.
  • කොටට කපා ඇති කොණ්ඩය ගවුම් කොලරයට ඉහළින් තිබිය යුතුය
  • ඉදිරියට වැටෙන කෙස් ගස් පිටුපසට පීරා කටු ගැසිය යුතුය

 

වෙනත් පොදු උපදෙස්

 

  • පිටෙහි රඳවන වෛවර්ණ නොවන බෑගයක් භාවිත කළ හැකිය.
  • කරාබු හැර වෙනත් මුදු භාවිත නොකළ යුතුය.
  • සුදු පිරිත් නූලක් හැර වෙන කිසිම වර්ණ නූල් පැළඳීම නොකළ යුතුය
  • තොල්,නිය පාට කිරීම නියපොතු වැවීම නොකළ යුතුය.
  • ඇහිබැම අසිරිය වර්ණ ගැන්වීම හා ඉවත් කිරීම නොකළ යුතු ය.
  • විවිධ වර්ණ සහිත මෝස්තර කරාබු පැළදීම නොකළ යුතුය

 

ජංගම දුරකථන භාවිතය සියලු පාසල් ළමුන් හට තහනම් කර ඇත.

Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Kotapola National School, Kotapola

: (+94)412271309

: (+94)412271309

: [email protected]

Supported By

© 2026 Kotapola N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk