![]() |
පාසලේ නිර්මාතෘ
නොරිස් විජේවර්ධන මහතා |
නැගෙනහිරින් දෙනියාය - ගාල්ල ප්‍රධාන මාර්ගයටත් දකුණු පසින් නිල්වලා නදිය සරු කරන නාගකැට දොළටත් අනෙක් පසින් දර්ශනීය තේ වගාවකටත් මැදිව ඌරුබොක්ක තුන් තුන්මංසල ට මුහුණලා දැකුම්කළු පරිසරයක වැජඹෙන කොටපොල මහා විදුහල ක්‍රි.ව. 1877 දී නොරිස් විජේවර්ධන විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ විය. එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ මෙම පාසල පසුකාලීනව ක්‍රමයෙන් සංවර්ධනය විය.එම්.ගාමිණී පියපාල විදුහල්පතිතුමාගේ පාලන සමයේ (1977-1984)විදුහලට අවශ්‍ය අංශ කිහිපයක්ම මාතර දිස්ත්‍රික් අමාත්‍ය දිවංගත ගරු කීර්ති අභයවික්‍රම මැතිතුමාගේ අනුග්‍රහයෙන් ලබාගැනීමට හැකිව ඇත.ඒ අනුව ගෘහ විද්‍යාගාරය,පුස්තකාලය හා බහු බහු කාර්ය ඒකකයක් ද ක්‍රීඩාපිටියක් ද ලැබී ඇත.එමෙන්ම දිසා අමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැකුම්කළු බුදු මැදුරක් ද විදුහලට එක්විය.කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වූ කොටපොල රජයේ පිරිමි පාඨශාලාව වර්තමානය වන විට කොටපොළ ජාතික පාසල නමින් සුවහසක් දරු දැරියන් කිරෙන් පෝෂණය කරයි.
