අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !


විශිෂ්ටත්වය කරා යන ඵලදායී පාසලක් බිහි කිරීමයි.

හෙල වංශ කතාවේ වීර නරපතියෙකු වූ වළගම්බා රජුට ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානය ඉදි වූ ගැටබරු කන්ද පාමුල පිහිටි කොටපොල ජාතික පාසල දෙනියාය කලාපයේ ඇති ඉතාම පැරණි මෙන්ම නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

රට දැය සමයේ ඉදිරි ගමන් මගෙහි අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි පූර්ණ පෞරුෂයකින් හෙබි බුද්ධිමත් උදාර නිරෝගිමත් දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ඇප කැප වීමයි.