දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසලක් විසින් ප්‍රථම වරට සංවිධාන කළ හිසවෙස් පැළඳවීම හා ශීර්ෂාභරණ මංගල්‍යය පැවැත්වීමට කොටපොල ජාතික පාසල සමත් වූ වගයි.
වර්ෂ 2022.10.05 වන දින කොටපොල ජාතික පාසලට තවත් එක් විශේෂ දවසක්.එදින දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසලක් විසින් ප්‍රථම වරට සංවිධාන කළ හිසවෙස් පැළඳවීම හා ශීර්ෂාභරණ මංගල්‍යය පැවැත්වීමට අප පාසල සමත් විය.නිසි ලෙස චාරිත්‍ර සිදු කර ගැටබරු රජමහා විහාරස්ථානයේ දී ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවි රැකවරණ මධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 57කින් යුත් නර්ථන කණ්ඩායමක් පාසලේ නර්ථනාචාර්ය සිසිර කුමාර ගුරු මහතාගේ මග පෙන්වීමේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ හිස වෙස් පැළඳවීම සිදු විය.