නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කොටපොල ජාතික පාසල

විශිෂ්ටත්වය කරා යන ඵලදායි පාසලක් යන දැක්ම පෙරදැරි කරගෙන පෙරට ඇදෙන ගැටබරු වන අරණ පාමුල බණ්ඩාර අඩවියෙහි ගුණයෙන් පෝෂණය වන කොටපොළ ජාතික පාසල දුරාතීතයකට නෑකම් කියන පාසලකි.
මෙම පාසලේ සේවය කරන ඇදුරු මඩුල්ල පාසලට ශක්තියක් වෙමින් රට,දැය,සමය සුරකින අභිමානවත් දරු පරපුරක් දැයට දායාද කිරීමට එදා මෙන්ම අදත් කැපවීමෙන් වැඩ කරයි.
අප පාසල සමඟ සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ග සම්බන්ධ විවිධ පාර්ශවයන් සමග අදහස් හුවමාරුවේ දී මෙන්ම තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි අප පාසල සමග සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අප පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ දියුණුව සඳහා සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පතිනි,
කොටපොල ජාතික පාසල